කොන්ද කන්ද කරන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-54

මේ දිනවල රූපගත කෙරෙන නිර්මාණයකට දායකත්වය ලබාදෙන එක්තරා ශිල්පියෙකුට හදිසියේ කොන්දෙ මාංශපේෂිවල අවුලක් ඇතිවෙලා.

දින දීලා තිබුණු නිසා ෂූටින් නොගිහිනුත් බැහැ. කැක්කුම නිසා සෙට් එකේ කිසි කෙනෙක් මෙයාට රුස්සන්නෙ නැහැ. කේන්තියෙන්ම තමයි ඉන්නෙ. ඩයලොග් කියවනකොටත් මළ පනිනවා.මෙයාට පුටුවල වාඩිවෙන්න පුළුවන් වුණත්, නැඟිටින්න ගියාම මරළතෝනි දෙනවා කැක්කුම නිසා. ඇත්තටම එයාට කැක්කුම හරිම වේදනාකාරියි.

බොහොම අමාරුවෙන් සීන් එකක් කරලා අන්තිමට පොඩ්ඩක් හැරිච්ච ගමන් අම්මෝ කියලා කෑගහනවා.

මේක බලන් හිටපු සෙට් එකේ තවත් කටකාර නිළියක් කිව්වලු අනේ අයියේ බොරුවට කොන්ද කන්ද කරන්න එපා. අපිටත් වැඩ තියෙනවා. අපේ කාලෙ කන්න එපා, කියලා.

 

DESHAYA