ගොන් ආතල් නොමිලේ සාලයටම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181128Fun-1පසුගිය සති දෙක තුනක කාලයක මේ රටේ මිනිස්සුන්ට පුදුමාකාර ආතල් එකක් කවුරුත් නොහිතපු විදිහටම ලැබුණා.

කාගෙ කාගෙත් මාතෘකාව වුණේ ඒ දේශපාලනික වශයෙන් ඇතිවුණු අර්බුද හරහා ඇතිවූ හාස්‍යජනක මෙන්ම බිහිසුණු සිදුවීම්ය.

ඒ කාලය තුළ මේ රටේ සංගීත ප්‍රසංග, වේදිකා නාට්‍ය හා චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙලා. ප්‍රවේශ පත් අලෙවිය අඩු නිසා ඒවා අලෙවි කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කෙරුණා.

ඒ ගැන අදහස් දක්වමින් එක් ප්‍රසංග සංවිධායකවරයෙක් කියා සිටියේ, “රටේ උත්තරීතර තැන්වල පසුගිය දවස්වල සිදුවූ නොයෙක් රසවින්දනාත්මක සිදුවීම් නිසා, ඒවා ගෙදර රූපවාහිනී යන්ත්‍රවලින් නරඹන්න බොහෝ අය ඇබ්බැහිවෙලා හිටියා. එළියට ඇවිත් මුදල් ගෙවා විනෝද වෙනවට වඩා නොමිලේ ගෙදරට ගේන ආතල් එකට ඒ අය හුරු වුණා.

DESHAYA