ජංගම දුරකතනය සහ ජෝ මහත්තයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-52අද චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය රූපගත කෙරෙන දර්ශන තලවල ලොකුම හෙනහුරා තමයි ජංගම දුරකතනය. අධ්‍යක්ෂකවරු කොච්චර කිව්වත් අද බොහොමයක් නළු නිළියන්ට ජංගම දුරකතනය දර්ශන තලයේ දී පවා නැතිවම බැරි අංගයක් වෙලා. ඒත් මුහුරත් උත්සවයේදීම මේ ගැන අවවාද කරන අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක් අපට ඉන්නවා.

මීට කාලෙකට උඩදීම ඔහු ජංගම දුරකතන දර්ශන තලයේ දී භාවිත කිරීම ගැන දැඩි ලෙස විවේචනය කළා.

දවසක් අපේ ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම මහතාත් සහභාගි වුණු ටෙලිනාට්‍ය මුහුරත් උත්සවයකදී ඔහු මේ ගැන එළිපිටම විරුද්ධත්වය පළ කළා.උත්සවය අවසානයේ දී පැවති පුංචි තේ පැන් සංග්‍රහයක් අතරතුරදී අධ්‍යක්ෂකවරයා ළඟට කිට්ටුවෙලා ජෝ මහත්තයා අර ජංගම දුරකතන කතාව ටිකක් සැර වැඩියි කියලා කිව්වලු.

ජෝ මහත්තයා ඉතින් ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නෙ නැහැනෙ. මම කිව්වෙ ෂූටින් වෙලාවෙවත් ජංගම දුරකතනය ළං නොකර ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් දැන්මම මේ වැඩෙන් අයින් වෙන්න කියලනෙ..පහුවදා ජෝ මහත්තයා දැන්නුවලු ඒ වැඩෙන් අයින් වෙනවා කියලා.  

 

► Text - Mithra

 

DESHAYA