දූරියන්වල ගඳ සුවඳ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-217සමහර රටවල්වල පොදු ප්‍රවාහන සේවාවල දූරියන් ගෙනියන්න සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නෙ. ඔය අපේ රටේ දූරියන් වැඩියෙන් තියෙන පළාත්වලට යනකොට අපේ කලා ශිල්පීන් ශිල්පිනියන්ට දූරියන් කන්න පුදුම ආසාවක් ඇතිවෙනවා. ඒ වගේම තව කට්ටියකට දූරියන් නම කිව්වමත් වමනෙට එනවා.

ඒත් ඇත්තටම දූරියන්වල ඒ ගඳ තියෙන්නෙ ගෙඩියෙ පිට ලෙල්ලෙ විතරයි කියලා ගොඩක් අය දන්නෙ නැහැ.ඔන්න ළඟදි ඔය වගේ ප්‍රදේශයකට ෂූටින් ගියාලු කට්ටියක්.

කොල්ලො සෙට් එකක් හොරෙන්ම දූරියන් ගෙඩි ටිකක් ගෙනල්ලා, සුද්ධ කරලා ලෙල්ල කැලේට විසිකරලා මදුළු ටික බෑග්වලට දාලා ශීතකරණයෙ තිබ්බලු.ඔන්න ඒ සෙට් එකේ දූරියන්වලට අකමැතිම ප්‍රවීණ නිළියකට මේකෙ ඉව වැටුණලු.

මොකක්ද අනේ මේ එන අමුතු සුවඳ? මාර සුවඳක්නෙ.. ඒ නිළිය ඇහුවලු.කට පියාගෙන ඉන්න බැරි එක කොල්ලෙක් එකපාරටම කියපි, දූරියන් කියලා.හා ඒක තමයි මම බැලුවෙ මොකක්ද මේ ගඳ කියලා, අර නිළිය කිව්වලු.

 

  ► Text - Mithra

 

DESHAYA