නින්ද ගිහින් ආච්චිට බයවෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1649සමහර අය දවස පුරාම මහන්සිවෙලා වැඩ කළාම තෙහෙට්ටුවට හිටගෙන නින්ද යනවා.පහුගිය දවසක රූපගත කිරීමක් අතරතුර තරුණ ශිල්පියෙකු එවැනි ඇබැද්දියකට මුහුණ දුන්නා. 

ඔහු උදේ පාන්දර ඉඳලා ෂූටින්. දවල් කෑමට ලැබුණු පුංචි විවේකය විතරයි. රූ නවය විතර වෙද්දී මෙයාට පුටුවක් උඩ හොඳටම නින්ද ගිහින්. එකපාරටම කොල්ලා නැඟිටලා වටපිට බල බලා අනේ එපා ආච්චි... එපා ආච්චි කියාගෙන යටිගිරියෙන් කෑගැහුවලු.

කට්ටියම බයවෙලා, කවුරුහරි මෙයාගෙ ඇඟට වැහිලද කියලා. බැලින්නම් මෙයා ඉන්නෙ ආච්චිලාගෙ ගෙදර. ආච්චිට පණ බයයිලු. හීනෙන් ආච්චිව දැකලා බයවෙලා තියෙන්නෙ.ඔයා ආච්චිට බයවුණා වගේ නෙවෙයි, මෙහෙ ඉන්න අය ඔයාගෙ මූණ දැකලා බයවෙච්ච තරම. තව පොඩ්ඩෙන් නූල් බඳින්න වෙයි,අධ්‍යක්ෂවරයා කිව්වලු.කොල්ලගෙ මූණ පුංචි වුණාලු.

 

DESHAYA