මුල මතකම නෑලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-21-ent-64මුල අමතක කිරීම ඕනෑම කෙනකුගේ අභාග්‍යයට හේතු වන බව අපේ කතාවක් තියෙනවනේ. මොන තරම් කතා ඇහුවත් අපි හැදෙන්න අකමැති මිනිස්සු කොටසක්නේ.

පහුගිය දවසක අපූරු සිද්ධියක් ආරංචි වුණු නිසයි ඔය මුල අමතක වන කතාව මතක් වුණේ.

ඔහු තරමක් ප්‍රසිද්ධ නළුවෙක්. අවුරුද්දකට විතර කලින් උත්සවයකදී මුණගැසුණු නිෂ්පාදකවරයකුට ඔහු නවක නිළියක් හඳුන්වා දුන්නා. ඒ නිෂ්පාදකවරයාගේ ඊළඟ ටෙලි නාට්‍යයේ අර නවක නිළියට රඟපාන්න අවස්ථාවක් ලැබුණා ඔය කියන නළුවත් එක්ක. ඊයේ පෙරේදා දවසක අර නිෂ්පාදකවරයත් එක්ක මේ නළුවා සාකච්ඡා කරගෙන හිටියලු ඔහුගේ ඊළඟ අලුත් ටෙලි නිර්මාණය ගැන.

නිෂ්පාදකවරයා අර නවක නිළියට කෝල් එකක් ගත්තලු මේ නිර්මාණයටත් ඇයව සම්බන්ධ කරගන්න.

කවුද මාත් එක්ක රඟපාන නළුවා? ඇය අහනවා.

ඔයාගෙ යාළුවා තමයි. ගිය පාරත් ඔය දෙන්නට හොඳ ප්‍රතිචාර ලැබුණනේ. නිෂ්පාදකවරයා කිව්වලු.

අයියෝ වෙන කොල්ලෙක් දාන්නකො. මම අඳුරන හොඳ ටැලන්ටඩ් කොල්ලෙක් ඉන්නවා. එයාව ගන්නවනම් මගේ ගණත් මම අඩුකරන්නම්කො....

නිෂ්පාදකවරයා ජංගම දුරකථනයේ ස්පීකර් දමා තිබුණ නිසා මේ මුලු කතාබහම අර නළුවා පුදුමයෙන් වගේ අහගෙන හිටියලු.

 

DESHAYA