මුල මතකම නෑලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190301gossip2-1නළුවෙක් වෙන්න, නිළියක් වෙන්න පෙරුම් පුරන තරුණ කට්ටිය අපි ඕන තරම් දැකලා තියෙනවනෙ. ඒ වගේ කතන්දර කොච්චරක්නම් අහලා තියෙනවද?

අද රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රියතම තරු තරුණ කාලෙ රඟපෑමේ පිස්සුවකින් පෙළෙන්න ඇති. එහෙම පිස්සුවක් නැත්නම් කලාකරුවෙක් වෙන්න බැහැයි කියලත් සමහරු කියනවා.

ඒ වුණාට නළුවෙක් වෙන්න කට්ට කාපු අතීතය ගැන සමහරැ ආඩම්බරෙන් කතා කළාට සමහරුනම් තැනකට ආවම ඒ අතීතය පරිච්ඡේද පිටින්ම අමතක කරලා තියෙනවා.
ඔන්න ඔය වගේ කට්ට කාපු සමහර කලාකරුවො දැන් හැසිරෙන්නෙ හරියට අහසින් කඩාවැටුණු තරු වගේ කියලා එක්තරා නිෂ්පාදකවරයෙක් ළඟදී මැසිවිලි නැගුවා.
මේ වගේ අතීතය අමතක කළ සමහර තරු නාට්‍යයකට, චිත්‍රපටයකට තෝරාගත්තම මුළු නිෂ්පාදක කණ්ඩායමම අමාරුවෙ දානවලු.

අධ්‍යක්ෂකවරයා මාරුකරන්න කියනවලු, කලා අධ්‍යක්ෂක මාරුකරන්න කියනවලු, සහාය අධ්‍යක්ෂකවරයා මාරුකරන්න කියනවා. සල්ලි යට කරන නිෂ්පාදකවරයා විතරක් බේරෙනවා.

DESHAYA