විනිශ්චයටත් කලින් කේක් බඩේලු....



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-23-ent-57සුප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් විසින් අවුරුදු පතා සංවිධානය කරන කේක් සෑදීමේ තරගයක් ළඟදී පැවැත්වුණාලු. ආයතනයේ විවිධ අංශවලින් ඉදිරිපත් කළ නිර්මාණශීලී කේක් තරගය විනිශ්චය කරන්නට ජනප්‍රිය නළු නිළියො කිහිපදෙනෙක් ඇවිත් හිටියා.

විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා වුණේ සුප්‍රසිද්ධ සූපවේදියෙක්.

තරගයට අංශ 10කින් කේක් ඉදිරිපත් කරලා තිබුණා. 2 වැනි අංශයේ කේක් එකට ලකුණු 100% ලැබුණලු. ඔහොම ගිහින් විනිශ්චය මණ්ඩලය අවසාන කේක් නිර්මාණයටත් ලකුණු 100%ක් දීලා. ඒත් පළවැනි ස්ථානයට එක නිර්මාණයක් තෝරාගත යුතුව තිබුණු නිසා, 100% ලැබුණු කේක් නිර්මාණ දෙකම ආයෙත් අවධානයට ලක් කරන්න විනිශ්චය මණ්ඩලය තීරණය කරලා.

ඒත් ලකුණු 100ක් ලැබුණු 2 වැනි අංශයේ කේක් ඒ වෙනකොටත් ඒ අංශයේ කට්ටිය කාලත් ඉවරලු.

“අපේ නිර්මාණයට 100%ක් ලැබුණු සතුට සමරන්න අපි කේක් එක බෙදාගෙන කෑවා.” සුපිරි සූපවේදියාට තරු පෙනුණලු.

 

DESHAYA