සර් මට කතා කළාද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-03-ent-86අලුත් චිත්‍රපටයක නැටුම් දර්ශනයක් රෑපගත කරන්න කොළඹ අවට මනරම් ස්ථානයක් තෝරාගෙන තිබුණා.

නර්තනය හදාරන සිසුවියන් 20 දෙනෙක් විතර දර්ශන තලයට ඇවිත් අදාළ ඇඳුම්වලින් සැරසිලා නැටුම් අධ්‍යක්ෂකවරයා එනකම් හිටියලු.

නැටුම් අධ්‍යක්ෂකවරයාගේ පැමිණීමත් සමඟ වැඩේට අවශ්‍ය සියලු කටයුතු සකස්වෙමින් තිබුණා.

“අයියෝ ෂිහ්..” නැටුම් අධ්‍යක්ෂකට ඉබේම කියවුණාලු. නර්තනය සඳහා ඔහු සකස් කරගෙන තිබුනු රෑපපෙළ දර්ශන තලයට ගේන්න ඔහුට අමතකවෙලා.

ඒත් එක්කම නටන්න ආපු තරැණ කෙල්ලක් නර්තන අධ්‍යක්ෂකගෙන් ඇහුවලු “සර් මට කතා කළාද?” කියලා.

“නෑ නෑ මම කතා කළේ නැහැ”

“මගෙ නම කියවුණු නිසා ඇහුවෙ සර්”

“මොකක්ද ඔය ළමයගෙ නම?”

“අයෝෂි”

 

DESHAYA