දැනට අත පාටියෙ ඉහළම පට්ටම් දරන ඒ වගේම ඉදිරි මහ ඡන්දෙන් දියවන්නාවට තවත් වරක් යන්න හේතු සම්පත් ඇති හතර දෙනෙක් පොහොට්ටුවට රහසිගත පොරොන්දුවක් වෙලාලු...
තමන්ලා මහ ඡන්දෙන් දිනුවට පස්සෙ අත අමතක කරලා පොහොට්ටුවෙ සුවඳ විඳින්න ඒ පැත්තට එනවය කියලලු... දෙපක්ෂය අතර එකඟතාවකින් ඡන්දෙ ඉල්ලුවට මේ යන විදියට අත පාටියෙ අනාගතේ පේන්නෙ නැති නිසා තමන් මේ තීන්දුව ගත්ත බවත් එයාල දන්වලා. මේ හතර දෙනාගෙන් තුන්දෙනෙක්ම හිටපු කැබිනට් කස්ටිය... අනිත් එක්කෙනා රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක්ලු...
ඉතින් එයාලා පොහොට්ටුවට ගන්නවද නැද්ද කියන එක ගැන තවමත් හරි වචනයක් පොහොට්ටුවෙන් දීලා නැහැ... ඒ වුණත් තමන්ගෙ ඉල්ලීම පිළිගන්න කියලා මේ හතරදෙනා පොහොට්ටු ලොක්කන්ට නිතර කියනවලු... ඒකෙ රසවත්ම කතාව තමයි මේ හතරදෙනා පොහොට්ටුව එක්ක ඩීල් කරන්නෙ එකිනෙකාට හොරෙන් වීම... එක්කෙනෙක් කරන දේ අනිත් කෙනා දන්නෙ නැහැ. ඒක තමයි මේ දේශපාලනේ හැටි...
Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026
