Happy Birthday සිංහලෙන් ලියන්නද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-23-ent-58කාගෙ හරි උපන්දිනයක් ආවොත් එයාට සප්‍රයිස් එකක් දෙන්න කට්ටිය එක එක ක්‍රම හොයනවනෙ.

ඔන්න ඒ වගේ කලා ලෝකෙ තරුණ ශිල්පිනියකගේ උපන්දිනය දවසෙ එයාට පොඩි සප්‍රයිස් එකක් දෙන්න එයාගෙ යාළුවෙක් ප්ලෑන් කළාලු.

ඔන්න කෙල්ල කන්න කැමති කෑම හදන ආයතනයකට කතා කරලා එයාගෙ ප්‍රියතම කෑම වර්ගය කෙල්ලගෙ ගෙදරට යවන්න කටයුතු කළාලු.

ඒ ආයතනයට කතා කරලා කාඩ් එකෙන් සල්ලි ගෙවලා, දැන් කෙල්ලගෙන් කෝල් එකක් එනකම් මඟ බලන් ඉන්නවලු.

ඒත් පැය දෙක තුනක් ගියත් කෝල් එක නැහැල්ලු. කෑම එක ඩිලිවරි කරන්න ගිය සේවකයාගෙ ෆෝන් නොම්මරේ අරන් මේ තරුණයා එයාට කතා කළාලු.

“මල්ලි තාම ඒක ඩිලිවරි කළේ නැද්ද?”

“නෑ මහත්තයා වැස්සට අහුවුණා. දැන් මේ ළඟ ඉන්නෙ..”

“අනේ මල්ලි මට ලොකු උදව්වක් කරන්න පුළුවන්ද? ඔය පෙට්ටියේ උඩ “Happy Birthday” කියලා ලියලා යටින් මගෙ නම ලියන්න පුළුවන්ද?”

“අනේ සර් මට ඉංග්‍රීසි බැහැ. සිංහලෙන් ලියලා දෙන්නද?” ඔහු කිව්වලු

 

DESHAYA