Feb 14 - Valentine's Day Special



ඉක්මන් වෙලා සල්ලි වලට තම ආදරවන්තයා දාලා යන ආදරවන්තියන් වෙනුවෙන්! යන සිරසින් යුතු කෙටි චිත්‍රපටයක් පිළිබඳ කතාබහක් ඇති වෙනවා. එය නිකුත් වන්නේ ටික දිනකට පෙරාතුව වගේම එහි තේමාවත් ආදරය සහ වැලන්ටයින් දිනය හා බැඳී පවතිනවා. නිර්මාණ කිහිපයකින්ම ඇසට දකින්නට ලැබුනු කතා තේමාවක් මෙලෙස නිකුත් කරන Sky View Aerial Cinematography කණ්ඩායම මෙම නිර්මාණ සම්බන්ධයෙන් දක්වන අදහස මෙලෙසස දක්වමු.

“අද වර්තමාන සමාජයෙ අපි දකිනවා බොහො ආදර කතා සල්ලි පදනම් කරගෙන පවතිනවා. මෙ පොදු කාරනව ඉස්මතු වෙන විදියට සමාජයට පණිවිඩයක් දෙන කෙටි චිත්පටයක් කරන්න අපිට උවමනාවක් තිබ්බා එ නිසා තමයි අපි මෙක කලෙ. අපි බලාපොරොත්තු වෙනවා මෙ වගෙ සමාජයෙ පවතින ප්‍රශ්න ගැන් කතා කරන කෙටි චිත්පට ඉදිරියෙදි කරන්න.”

 

අධ්‍යක්ෂණය

  • කමේෂ් ගයාන්

නිෂ්පාදනය

  • වෙනුර කාවින්ද

සංස්කරණය

  • තරිඳු ලක්ෂාන්

කලා අධ්‍යක්ෂණය

  • ඉසුරු නදීෂ

කැමරා අධ්‍යක්ෂණය

  • ලොයිඩ් බර්නාඩ්

අංග රචනය

  • ඉසුරු නවෝද්

රංගනය

  • සමිත ඩයස් සහ කුෂී

 

රචින්ත ජයවර්ධන