මුම්බායි ගුවන් තොටුපොලේදී ෂාරුක්ට කරදරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර සාජා නගරයේ සංචාරයක නිරතව සිටි ෂාරුක් ඛාන් නැවත වරක් ඉන්දියවේ මුම්බායි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහුට ගුවන් තොටුපොළ රේගුව විසින් විශාල බදු  මුදලක් ගසා තිබෙන බව සඳහන් වෙයි.

ෂාරුක් විසින් සාජා සංචාරයේදී ගත් මිල අධික ඇපල් වර්ගයේ ඔරලෝසු කිහිපයක් සහ ඉහළ මිල ගණන් සහිත උපකරණ රැගෙන ඒම නිසාවෙන් ඔහුට මෙසේ විශාල බදු මුදලක් රේගුවට ගෙවිමට සිදුව ඇත. වාර්තාවන අන්දමට ෂාරුක් විසින් සාජා සංචාරයේදී ගත් භාණ්ඩවල මුළු වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 18කට ආසන්න ඒවා බව දැන ගැනීමට ලැබේ.