උපන්දිනදා නිකුත් වුණ කිං ඛාන්ගේ ‘පතන්’ ප්‍රචාරකපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය නොවැම්බර් 02 වැනිදාට යෙදි තිබුණ ෂාරුක් ඛාන්ගේ 57 වැනිදා දිනයේදී ඔහු රංගනයෙන් දායක වූ අලුත්ම චිත්‍රපටය පතන් හි ප්‍රචාරක පටය නිකුත් කරනු ලැබිය. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළ යශ්රාජ් චිත්‍රපට සමාගමේ ලේබලය යටතේය.

තත්පර 85ක් පුරා දිවයන මෙම ප්‍රචාරකපටය පැය 24ක් ගෙවෙද්දි කෝටි 4.5ක පිරිසක් මෙය නරඹා තිබුණි. සිද්ධාර්ත් ආනන්ද්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වන පතන් නිෂ්පාදනය කර ඇත්තේ යශ්රාජ් චිත්‍රපට සමාගම වෙනුවෙන් ආදිත්‍ය චොප්රාය.