ඔබ ජීවත් වන්නේ එක වාරයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යූ ඔන්ලි ලිව් වන්ස් (ඔබ ජීවත් වන්නේ එක වාරයයි) හෙවත් යෝලෝ යනු ජැකලීන් ෆර්ඩිනැන්ඩස් විසින් ජනතාවට සේවය කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද පදනමයි. තවත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක් වී ඇය මේ පදනම හරහා බොහෝ සමාජ සේවා කටයුතු කරන්නීය. මේ මෑතකදී ඇය මුම්බායි පොලීසියට වැහි කබා සහ තවත් ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කළාය. 
“මේ වටිනා පරිත්‍යාගය වෙනුවෙන් ජැකලීන්ට සහ යෝලෝ පදනමට බොහොම ස්තුතියි.. එළඹෙමින් තියෙන්නෙ ජූනි මාසය.. ඒ කියන්නේ මුම්බායිවල වැසි සමය.. වැස්සෙන්  වගේම කොවිඞ් වසංගතයෙනුත් ආරක්ෂා වෙන්න මේ උපකරණ අපිට පිහිට වේවි..”
මුම්බායි පොලීසිය විසින් එම අදහස ඇති පණිවිඩයක් සමාජ මාධ්‍යවලට නිකුත් කර තිබිණි.  
“වැසිකුණාටු ආවත් විවේකයකින් තොරව හැම විටම තමන්ගේ රාජකාරි ඉටු කරන්නට සැදීපැහැදී සිටින මුම්බායි පොලීසියට මගේ ආචාරය.. ඔබලා අප වෙනුවෙන් කරන සේවයට ඉතාමත්ම ස්තුතියි..” ජැකලීන් පිළිතුරු දී තිබුණේ එසේය. 
කොවිඞ් වයිරසය සමඟ සටන් කරන සියලු දෙනාටම උදව් කරන්නට ඇය කිසිසේත්ම පැකිළෙන්නේ නැත. මේ මෑතකදී ඇය පූනේ පොලිස් අරමුදලට ද මුදල් පරිත්‍යාගයක් කළාය. ඇය ෆෙලයින් පදනමට ද බැඳී සිටින්නීය. ඉන් කරන්නේ අයාලේ යන සතුන්ට පිහිට වීමය. 
සර්කස්, භූත් පොලිස්, කික් 2, ඇටෑක් සහ බච්චන් පාණ්ඬේ චිත්‍රපටි තුළින් ඉදිරියේදී ඇය දකින්නට හැකි වනු ඇත.