කත්‍රිනා - විකී ආදර කතාව ඇත්තක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩය යනු ආදර කතාවලින් අඩුවක් නොවන තැනක් . කාලයෙන් කාලයට විවිධ ආදර කතා ගොඩනැඟුණද ඇතැම් ඒවා සවිමත් ලෙසින් බැඳී තිබුණත් බොහොමයක් කතා ඉක්මනින් අවසන් වූ කතා පමණක්ම වන අයුරු දැකගන්න පුළුවන් . කත්‍රිනා කයිෆ් සහ විකී කෞශාල්ගේ සබඳකමත් මේ ලෙසින් දිගු කලක් ආරංචියක් බවට පත් වී තිබූ ආදර කතාවක්. මේ වන තෙක් දෙදෙනාගෙන් කිසිවෙකුත් ඒ පිළිබඳ හෙළිකර සිටියේ නැහැ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම කත්‍රිනා මෙන්ම විකී කෞශාල් ඔවුන්ගේ සබඳතාව පිළිබඳ විසීමේදී නිරන්තරයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර සිටියා. විකී කෞෂාල් වරෙක සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ මෙය ඔහුගේ පෞද්ගලික ජීවිතය බවත් එය ආරක්ෂා කිරීමට තමා කැමති බවයි . නමුත් මෑතකදී හර්ෂ්වර්ධන් කපූර් මේ ආදර කතාව තහවුරු කර සිටියා. කත්‍රිනා - විකී ආදර කතාව සත්‍යයක් බව පැවසූ හර්ෂ් මේ ප්‍රකාශයෙන් තමාට කරදරයක් විය හැකි බවත් සඳහන් කළා.

කත්‍රිනා සහ විකී කෞශාල් යන දෙදෙනාම ඔවුන්ගේ නව නිර්මාණවල කාර්යබහුල වී සිටිනවා. විකී කෞශාල් 'අශ්වාතමා දි ඉමෝටල්' චිත්‍රපටයට දායක වී සිටින අතර ආරක්ෂක සීමාවන් ලිහිල් වීමත් සමඟ කත්‍රිනා 'ටයිගර් 3' චිත්‍රපටයේ රංගන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වී සිටිනවා. දෙදෙනාම එම චිත්‍රපටවල සුපිරි වීරයන් ලෙස පෙනී සිටීම විශේෂයි.