චෙන්නායි සිට හිමාලයට පයින් ගිය මිනිසෙකු රාජිණිට මුණ ගැසෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය අලුත්ම චිත්‍රපට ජේලර් තිරගත වූ පසුව දකුණු ඉන්දීය සුපිරි තරුව රාජිණිකාන්ත් හිමාලයේ උත්තරාකන්ද් හි සංචාරයක නිරත වී ඇත. ඔහුගේ සංචාරය සතියක දීර්ඝ එක්ක වූ අතර රිෂිකේෂ්, බද්රිනාත්, ද්වාරකා සහ බබාජි ගුහාව වැනි ස්ථාන නැරඹීමට රාජිණි මෙම සංචාරයේදී සැළසුම් කර තිබුණි.

මුලින්ම ස්වාමි දයානන්ද සරස්වතී ආශ්‍රමයට ගොස් ගුරුවරුන්ගෙන් ආශිර්වාද ලබාගත් රාජිණි එහිදී ආධ්‍යාත්මික දේශනවලට සවන් දීමෙන් අනතුරුව විශේෂ කතාවක්ද ඔහු විසින් එහිදි සිදු කළේය. රාජිණි හමුවීමට චෙන්නායි සිට දින 55කට ආසන්න කාලයක් තිස්සේ හිමාලයේ උත්තරාකන්ද් පයින් ගිය තරුණයෙකුද ඔහුට එහිදි මුණ ගැසුණි. පසුව රාජිණි ඔහුට මූල්‍යමය වශයෙන්ද උදව් කර තිබුණ බවද සඳහන් වෙයි.