පුතෙක් ලැබුණ ඉලියානා මව් පදවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය අප්‍රේල් මාසයේදී තමන් ගැබිගෙන ඇති බවට ප්‍රසිද්ධ කළ ඉන්දීය සිනමා නිළි ඉලියානා ඩී කෘස් පසුගිය අගෝස්තු පළමු වැනිදා පිරිමි දරුවෙකුට උපත දුන් බව සඳහන් වෙයි. මේ වනවිට ඔහුට නමක්ද තබා තිබෙන අතර, ඒ කෝවා ෆීනික්ස් ඩෝලන් නමිනි.

උපන්දා සිට මේ දක්වා ඩෝලන්ගේ ඡායාරූප රැසක් සිය සමාජ පිටු හරහා ඉලියානා ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබුණි. මේ වනවිට දරුවා මෙන්ම තමන්ද හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්ද පසුවන බව ඉලියානා සිය සමාජ පිටු හරහා සිය රසික පිරිස් දැනුම්වත්ද කර ඇත.