රහමාන්ගේ දියණිය කතිජාගේ සුපිරි විවාහ මංගල්‍යය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොවක් වසඟ කළ ආදරණිය සංගීතඥයෙකු වන ඒ. ආර්. රහමන්ගේ එකම දියණිය කතිජා රහමාන්ගේ විවාහ මංගල්‍යය මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධියේ සිදුවිය. මේ දිනවල එම විවාහයේ ඡායාරූප එකින් එක අන්තර්ජාලයට යොමු වෙමින් පවතින් අතර, ඊට රහමාන්ගේ රසික පිරිස් ඉහළ ප්‍රතිචාර දක්වමින්ද සිටින බව සඳහන් වෙයි.

කතිජා මෙසේ විවාහ වූයේ රහමාන්ගේ සංගීත ප්‍රසංගවල ශබ්ද ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන රියාස්ඩින් රයන් සමගය. කතිජා හා රයන්ගේ මෙම විවාහයට බොලිවුඩ්, කෙලිවුඩ් මෙන්ම ජාත්‍යන්තරයේ කතාබහට ලක්වූ ගායක, ගායිකාවන්ගෙන්ද උණුසුම් සුබපැතුම් ලැබි තිබෙන බව දැන ගැනීමට ලැබෙයි.