විවාහයෙන් පසුව ජෙනිෆර් දකින අලුත්ම චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි හොලිවුඩ් සිනමා නළු බෙන් ඇෆ්ලොක් සමගින් වර්තමානයේ විවාහ වී සිටින ලෝක ප්‍රසිද්ධ පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් නැවතත් සිය සිනමා ප්‍රේක්ෂකයින් හමුවීමට මේ වනවිට සූදානමින් සිටියි. ඒ ඇයගේ අලුත්ම චිත්‍රපටය වූ ‘ෂොට්ගන් වෙඩින්’ හරහාය.

ප්‍රධාන නිළියට අමතරව චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේද ජෙනිෆර් ලොෆෙස් වීම විශේෂත්වයකි. ඇය සමගින් ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු වූ ජෝෂ් ඩුහාමෙල් රංගනයෙන් දායක වෙයි. ෂොට්ගන් වෙඩින් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මාසයේදීය‍.