සෙල්ෆි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට ආ ප්‍රිත්විරාජ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් බවට වර්තමානයේ පත්ව සිටින ප්‍රිත්විරාජ් සුකුමාරන් පෙබරවාරි 24 වැනිදා නිකුත් වීමට නියමිත රාජ් මෙහෙතාගේ සෙල්ෆි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තකට සහභාගි වී ඇත. සෙල්ෆි යනු ප්‍රිත්විරාජ් 2019 වසරේ රඟපෑ ඩ්‍රයිව්න් ලයිසන් චිත්‍රපටයේ හින්දි ප්‍රති නිර්මාණය වෙයි.

මෙහි ප්‍රිත්විරාජ් රංගනයෙන් දායක වූ චරිතය සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් විසින් නිරූපණය කරනු ලබයි. එම්රාන් හෂිම්, නුස්රාත් බරුච්චා හා ඩයනා පේන්ට්, ආක්ෂේ සමගින් මෙහි රංගනයෙන් දායක වෙයි. කරන් ජෝහර්, හිරෝ ජෝහර්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, අපුර්වා මෙහෙතා ඇතුළු පිරිස මෙහි නිෂ්පාදන බර පැණ දරා ඇත.