ෆර්හාන්ගේ ලයිව් බැන්ඩ් එක පටන් අරන් වසර දහයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම සම්මාන දිනූ සිනමා නළුවෙක්ද වන ෆර්හාන් අක්තාර් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ කණ්ඩායම් සංගීතය හරහා ආ කලාවට පිවිසි ගායකයෙකු ලෙසය. මේ වනවිට ඔහුට සංගීත කණ්ඩායමක්ද තිබෙන අතර, ඒ ෆර්හාන් ලයිව් නමිනි.

මෙම සංගීත කණ්ඩායම ආරම්භ කර මීට දින කිහිපයකට පෙර වසර දහයක් ගත වු අතර, ඔවුන් මෙම වසර දහයක කාලය තුළදී එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, කෙන්යාව, ඕමානය සහ එක්සත් රාජධානිය ඇතුළු විවිධ රටවල ප්‍රසංග ගණනාවක්ද පවත්වා තිබුණි. ෆර්හාන් පවසන්නේ මෙය සැමරිම සඳහා ඔහු ප්‍රමුඛ සංගීත කණ්ඩායමේ ඉන්දියාවේ සංගීත ප්‍රසංග මාලාවක් සංවිධානය කරන බවය.