දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 කිරුල දිනාගනිමින් රටේම ආදරය දිනාගත් ෆැලන් ඇන්ඩ්‍රියාගේ සුන්දර ඡායාරූප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෆැලන් ඇන්ඩ්‍රියා කියන නම දැන් නම් අපේ රටේ කාටවත් නුහුරු නුපුරුදු නමක් නෙමෙයි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 9 අවසන් මහා තරඟයේ අවසන් වටයට සුදුසුකම් ලබා ගන්න වාසනාවන්ත වෙලා තිබුනේ තරඟකාරියන් දෙදෙනෙක් සහ තරඟකරුවෙකු පමණයි. ඉතින් මේ තිදෙනා අතරින් දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 9 ශුරතාවය දිනාගෙන ඒ කිරුල හිමිකර ගන්න වාසනාව හිමි වුනේ අපි මේ කතා කරන ෆැලන් ඇන්ඩ්‍රියාටයි. ඉතින් ඒ වගේම මේ අපූරු කටහඩක් වගේම සුන්දර රූ සපුවකටත් හිමිකම් කියන ෆැලන් ඇන්ඩ්‍රියා ඉපදිලා තියෙන්නේ 1995 සප්ත්ම්බර් 13වන දින කළුතර ප්‍රදේශයේදී. ඉතින් ඇය කුඩා කාලේ ඉදන් උසස්පෙළ ඉවර වෙනකන්ම ගිහින් තියෙන්නේ බම්බලපිටියේ ශුද්ද වු කන්‍යාරාමයට. ඉතින් ඒ වගේම ඇයගේ පවුලේ ඇයට නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඇයගේ මව ගුරුවරියක් වගේම ඇයගේ පියා මේ වෙද්දී ප්‍රයිවට් ෆැක්ට්‍රි එකක වැඩ කරනවා. ඉතින් ඒ වගේම විශේෂ කාරනේ තමයි ෆැලන් ඇන්ඩ්‍රියා පාසල් කාලයෙන් පස්සේ වැඩිපුර සංගීතය හදාරලා නැහැ.

ඇය මානව කළමනාකරණ අංශයෙන් තමයි උපාධිය හදාරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඇය එම අංශයෙන් රැකියාවක් පවා සිදු කරලා තියනවා. ඉතින් එම රැකියාව ඇය අවුරුදු තුනක් විතර කරලා තියනවා. නමුත් ඇය ඉතාම කෙටි කාලයක් විශාරද නන්දා මාලනී මහත්මිය යටතේ සංගීතය හදාරලා තියනවා. ඉතින් ඒ වගේම හැමෝම ආසාවෙන් බලන් ඉන්න හින්දාම ඇයගේ අලුත්ම නිර්මාණයක් ඇයගේ ප්‍රේක්ෂනයන්ට ළඟදීම බලන්න පුළුවන් වෙයි කියලා තමයි අපිටනම් ආරංචි. ඉතින් මේ ජනප්‍රිය ගායිකා ෆැලන් ඇන්ඩ්‍රියාගේ සුන්දර ඡායාරූප පෙළක් තමයි අපි අද මේ විදිහට ඔබ වෙත අරගෙන එන්න හිතුවේ. ඉතින් එම ආදරණීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.