මේ දිනවල සමාජ ජාලාවල සැරිසරන මෙරට ප්‍රශස්ත රංගන ශිල්පීන් කීපදෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගනය කියන දෙයට තවමත් හරි නිර්වචනයක් දෙන්න කාටවත් බැරි වෙලා තියෙනවා. විවිධ ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් රචකයින් රංගනය ගැන විවිධ අර්ථ සැපයුවද රංගන කියන්නෙ මෙන්න මෙයයි කියලා තවමත් කාටවත් කියන්න බැරි වෙලා තියෙනවා.

රඟපානවා කියන එක එහෙම ලේසියෙන් කරන්න බැහැ. රංගනය උගන්වන්න පුළුවන් කියලා සමහරු කියනවා. සමහරු එහෙම නොහැකියි කියනවා. ඒත් ඉගෙන ගෙන හෝ නැතුව හෝ කැමරාව ඉදිරියට ගිය නළුවෙක්ව ඔහු කරන්නේ රඟපෑමක් නොවෙයි ඔහු සැබෑ ලෝකයේ චරිතයක් කියලා ප්‍රේක්ෂකයන්ට හැඟෙනව නම් දැනෙනවා නම් අන්න ඒ රංගන ශිල්පියා ප්‍රශස්තයි කියන්න පුළුවන්.

මෙරට සිනමාවට දැන් වසර 75ක් වෙනවා. ටෙලිනාට්‍ය කලාවට වසර 43ක් වෙනවා. ලංකාවේ සිනමාව්ව්න් සහ ටෙලිනාට්‍ය කලාවෙන් බිහිවුණු ප්‍රශස්ත රංගන ශිල්පීන් කීපදෙනෙක්ගේ ඡායාරූප කීපයක් මේ දිනවල සමාජ මාධවල සංසරණය වෙනවා. ඔවුන් සැබවින්ම රංගන ශිල්පීන් කියන්න පුළුවන්. ඔවුන්ගෙන් බහුතරයක් සිනමා හා ටෙලිසම්මාන උලෙළවල සම්මානනීය වුණු රංගන ශිල්පීන්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිරන්තරයෙන් දිනාගත් රංගන ශිල්පීන්.

ඔවුගේ ඡායාරූප පහත දැක්වෙනවා.