සැගවුණු හඬපට එළියට – පුෂ්පිකාගේ රූ රැජිණ කිරුළ යළිත් කරළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර අමරිකාවේ ලස් වේගස් හිදී පැවති ලෝක විවාහ රූ රැජිණ තරගාවලියට එක් වීම සඳහා අවස්ථාව උදා කර ගත්තේ පුෂ්පිකාද සිල්වා මහත්මිය විසිනි.

එහි, අවසන් තරගයේදී අවසාන සුරූපිනියන් හය දෙනා අතරට පිවිසෙන්නට ඇය වාසනාවන්ත වුණා.

අමරිකානු විවාහක රූ රැජිණ මෙම  තරඟාවලියේ ලෝක විවාහක රූ ජිණ බවට කිරුළු දැරීය.

මෙකී අවසානයත් සමගින්  ලෝක විවාහක රූ රැජිණ පිළිබඳව මූලික කතාබහ අවසන් කෙරුණද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය පුෂ්පිකා ද සිල්වා තවත් කතා මවන්නට පටන් ගත්තා. ඒ, ඇයගේ මුහුණු පළ කර තිබුණු පෝස්ටුවක් නිසාවෙන්.

එහිදී පුෂ්පිකා ද සිල්වා පවසා තිබුණේ, මෙම තරගාවලියේ ඇය “සිව්වැනි ස්ථානයට” පත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සිය ස්තුතිය ද පුද කරමින් , රටට සහ ඇය එතැනට කැඳවාගෙන ගිය කණ්ඩායමට ද තම ස්තුතිය පළ කර තිබුණා.

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ කමිටු මණ්ඩල සමාජීකාවක වන ලිබ්බි එම සටහනේම පහතින් එයට ප්‍රතිචාර දක්වා තිබුණා. පවසා තිබුණේ, මෙම තරගාවලිය තුළ තෙවන, සිව්වැන හෝ වෙන යම් ස්ථාන නොමැති බවත්, ඇත්තෙ ජයග්‍රාහිකාවක සහ අනුශූරතාව පමණක් බවත්ය. එමෙන්ම එම සටහන නිවැරදි කර එයට ප්‍රතිචාර දක්වන ලෙසය.

මේ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා එතරම් ෙඩි අවධානයක් යොමු නොකර තිබූ පසුබිමක් මත ඇය නැවතත් පසු සටහනක් තබමින්, පෙන්වා දී තිබුණේ, “ඔබ සැබැවින්ම විවාහක නම්, ඉහත සටහනේ ඔබගේ සැමියාට ස්තුති කිරීමට අමතක කර තිබුණේ ඇයි?” ද යනුවෙනි. මේ සමඟම පුෂ්පිකා ද සිල්වා ගේ මෙම ජාත්‍යන්තර තරගාවලි සහභාගීත්වයට වඩා මේ මුහුණූ පොතේ සටහන කෙරෙහි සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමුනී තිබුණා.

මේ සටහන සහ එයට ලැබුණු ප්‍රතිචාර බුකිය පුරා තටු ලබමින් පියඹා ගියා.

මේ අතරවාරයේ පුෂ්පිකා ද සිල්වාගේ එම සටහනට ඇය සමඟ අමරිකාවේ ලස්වේගස් වෙත ගිය, හිටපු ලෝක විවාහක රූ රැජිණක සහ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක උපදෙස් ලබාදෙන හඬපටයක්, සමාජ මාධ්‍යයට මුදා හැරෙනවා.

එහිදී , පුෂ්පිකා ද සිල්වා සිය මුහුණු පොතේ තැබූ සටහන පෙළ ගැස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ පුරපතිනිය ලබා දෙන උපදෙස්, හොඳින් ශ්‍රවණය කළ හැකියි.