අම්මාගේ මුං ගුළිවලට මම ආසයි - කැළුම් ශ්‍රී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇත්තටම අලුත් අවුරුද්දට හදන කැවිලි ජාතිවලින් මම වැඩිපුරම කන්න කැමති මුං ගුළිවලට. අපේ අම්මා පැණි පොල් එහෙම දාලා ඉස්සර ඒවා හදනවා රසටම. ඒක හින්දා තමයි මම ගොඩක්ම ආස කැවිලි වර්ගය මුං ගුළි වුණේ. අවුරුදු කාලේට අපේ අවුරුදු කෑම මේසේ අනිවාර්යයෙන්ම තියෙන කැවිලි වර්ගයක් තමයි මුං ගුලි කියන්නේ. මුං ගුලිවලට අමතරව මම ආසම කෑමක් තමා කිරිබත්. අලුත් අවුරුද්දට විතරක් නෙමෙයි ඉතින් කිරිබත් නම් අපිට හැම දවසකම වුණත් කන්න පුළුවන් නේ. මම කැමති හින්දා අපේ ගෙදර නිතර කිරිබත් හදනවා.