ආච්චිගේ කොණ්ඩ කැවුම් තරම් මට වෙන මුකුත් රස නැහැ - කවී වික්‍රමසිංහ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මා ආසම අවුරුදු කෑම තමයි කොණ්ඩ කැවුම්. හැබැයි හදන්න අමාරුම කැවිලි වර්ගයක් තමයි කොණ්ඩ කැවුම් කියන්නේ. අපි ගිය පාර අලුත් අවුරුද්දට කොණ්ඩ කැවුම් හැදුවා. අම්මා තමයි හැදුවේ. ඒත්, ඒකේ කොණ්ඩේ නම් හරියට හදාගන්න බැරිවුණා. ඊට අමතරව මම කොකිස් කන්නත් ගොඩක් ආසයි. මට මතක හැටියට කොකිස් වගේම කොණ්ඩ කැවුම් මම රසටම කැවේ අපේ ආච්චිලාගේ  නුවර ගෙදර අලුත් අවුරුද්ද සමරන්න ගිය වෙලාවක. ආච්චිට හොඳටම කැවිලි වර්ග හදන්න පුළුවන්. හැබැයි දැන් නම් ආච්චි ජිවතුන් අතර නැහැ.