කණා මුට්ටිය තරගයට ගියත් මට කවදාවත් දිනන්න ලැබිලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අවුරුදු ක්‍රීඩාවලින් මම කැමතිම ක්‍රීඩාව තමයි කණා මුට්ටිය බිඳිම. දැන් නම් ඒකට කියන්නේ වෙන නමක් වාසනා මුට්ටිය කියලා. ඉතින් හැම අවුරුද්දකම ඔය නාලිකාවල තියෙන අවුරුදු උත්සවවලට මම සහභාගි වුණාම කණා මුට්ටිය තරගයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. හැබැයි ඉතින් කවදාවත්ම මම ඒ තරගයෙන් දිනලා නැහැ. ජයග්‍රහණය කරනන් කොච්චර උත්සාහ කළත් මම හැමදාම මුට්ටයට පහර දෙන්න යන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මුට්ටිය බැදලා තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තට. හැබැයි මම දකින විදිහට ඒ තරගය වාසනාව මත දිවෙන තරගයක් කියලා. හරියට ගිහිල්ලා මුට්ටියට ගැහුවත් මුටිටය බිදෙන්නේ නැති අවස්ථාත් ඉතින් මේ තරගයේදි මම දැකලා තියෙනවා. බලමු ඉදිරියටත් මේ තරගයෙන් මට ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වේවිද කියලා.