කොරෝනා වසංගතය හැමෝගෙම සතුට නැති කළා, ලෝකේ තියෙන වාසනාවන්තම රැකියාව මේක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැඩකාර යෞවනියක ලෙස ටෙලි සිනමාවට පැමිණි වොල්ගා කවදත් වාසනාවන්ත නිළි තාරකාවක වුණා.

එහෙම කියන්නේ, බොළඳ පෙම්වතියගේ චරිතයට පමණක්ම කොටු නොවුණු වොල්ගා කරා විවිධ ආකාරයෙන් චරිත නිරූපණයන් හඹා ආ නිසයි.

නිවෙසටම කොටු වී දිවි ගෙවන වොල්ගා, සතිඅන්ත පුවත්පතකට මෙන්න මේ විදිහට කියලා තිබුණා.

හරිම කඩිනමින් කෙරුණු රූගත කිරීම් හිටි හැටියේම අඩාළ වුණා. ඒ වාගෙම තවත් ටෙලියක රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව තිබුණා. ඇත්තටම කොරෝනා වසංගතය හැමෝගෙම සතුට නැති කරපු වසංගතයක්.

අනෙක සංචරණ සීමාව සහ අනෙකුත් නීති, රීති ගැන අපට රජයට දොස් පවරන්න බැහැ… මොකද මේ වසංගතයට අවශ්‍ය වෛරසය මුදාහැරියේ ජනාධිපති ගෝඨාභය හෝ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස නෙවෙයි.

ඒ වගේම සංචරණ සීමාව දැමීමේ වගකීම ගත්තේ රටේ වෛද්‍ය සංගමය. ඒකට ඔවුනට අයිතිය තියෙනවා. ඒ නිසා කොයිතරම් පාඩු, සිත් පීඩා සිදු වුවත් දරාගත යුතුයි. අපට වඩා සංගීත ක්‍ෂේත්‍රයේ නියැළෙන කලාකරුවන්ට මෙම විරාම කාලය හරිම අයහපත්.

හැබැයි… ලෝකේ තියෙන වාසනාවන්තම රැකියාව මම හිතන විදියට රඟපෑමයි. උදේට නිවෙසින් පිටව වාහනයට යන මම රූගත කිරීම් කරලා එන්නේ හවස් යාමෙටයි. එයින් මා ලද තෘප්තිය අප්‍රමාණයි. නීති, රීතිවලට වාගේම සෞඛ්‍ය උපදෙස්වලට අප හිස නැමිය යුතුමයි. ඒත් ඉහත තෘප්තිය සහ කාර්යබහුල බව ජීවිතයට තාවකාලිකව හෝ අහිමි වීම ගැන මම ලොකු දුකකට පත්ව සිටිනවා. ඒ කනගාටුව මිල මුදල් ගැන නෙවෙයි. මගේ ආධ්‍යාත්මික සතුට ගැනයි.

යම් ව්‍යසනයකදී භාවිතයට ගැනීමට මිල මුදල් ටිකක් ඉතිරිකර ගැනීමට කලාකරුවන් වූ අප දැනගත යුතුයි. අපට සිදුවන සමහර දේට වගකිව යුත්තේ අපිම තමයි. කලාකරුවා කියන පුද්ගලයා අසරණ විය යුතු නැහැ කියලයි මම හිතන්නේ. කාගේවත් සුබ සාධනයක් මත යැපෙන්න තරම් කලාකරුවන් අසරණ විය යුතු නැහැ.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු