දඟ පන්දු ක්රීඩක අකිල ධනංජය, පුතාගේ උපන් දිනය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්රීඩකයෙක් ලෙස අකිල ධනංජය අපට හඳුනාගන්නට පුළුවන් කොහොම වුණත් අන්තර්ජාතික ක්රිකට් කවුන්සලය මගින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂසහගත ලෙස හඳුන්වා ඔහුට තරග තහනමකට ද මූණ දෙන්නට සිද්ධ වුණා.

කෙසේ වෙතත් අද කියන්නට යන්නේ ඔහුගේ ක්රිකට් ජීවිතය හා සම්බන්ධ දෙයක් නම් නෙවෙයි. ඔහුගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ වුණු දෙයක් තමයි අද කතා කරන්නෙ. ඒ ඔහුගේ ආදරණීය පුතාගේ උපන් දිනය පහුගිය දවසක යෙදී තිබුන විදිය පිළිබඳවයි. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි නෙතලි කියලා කියන්නේ.

ඉතිං අකිලගේත් නෙතලිගේත් පුංචි පුතාගේ තුන්වෙනි උපන්දිනය ඔවුන් පවුලේ සියලු දෙනාමත් එකතු කරගෙන බොහොම චාමෙට නිවසට වී කරල තිබුණා කියලා සඳහන් වෙනවා. අකිලගේ පුංචි පුතු පැටියා ට සුභ උපන්දිනයක් වේවා කියලා කියන්න ඔහුගේ ආදරණීය රසිකයන් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඉතින් අපිත් අකිලාගේ වගේම නෙතලිගේත් ආදරණීය පුංචි පුතු පැටියගෙ තුන්වන උපන්දිනයට සුභම සුභ උපන්දිනක් වේවා පුතේ කියලා ප්රාර්ථනා කරමු.ඒත් සමඟම එළඹෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉතාමත් සාර්ථක ලෙස ක්රීඩා කරන්නට හැකි වේවායි අකිලටත් ප්රාර්ථනා කරමු.