ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු කලකට පසු කළ මතක ආවර්ජනාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නීටා ප්‍රනාන්දු කියන්නේ රිදී තිරය මෙන්ම පුංචි තිරයද අතික්‍රමණය කරමින් ප්‍රේක්ෂකය ජනාදරය නිරන්තරයෙන් දිනාගත් අන්තර්ජාතික සම්මාන දිනූ ආදරණීය දක්ෂ රංගන ශිල්පිනියක්.අතීතයේ සොඳුරු මතකයන් සිහිකරමින් වර්තමානයේ ජීවත් වන නීටා ප්‍රනාන්දු මහත්මිය ඇගේ ජීවිතයේ සොඳුරුතම අත්දැකීම් අප සමඟ බෙදා ගත්තේ මේ අයුරෙන්.ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි.දැන් වගේ නෙමේ.දැන් ළමයි වගේ ඉස්සර අපි කාර්යබහුල ජීවිත ගත කරන්නෙ නෑ.හැම දෙයක්ම හරිම සරලයි.ඒ දවස් වල drill එකේ මම තමයි ඉස්සරහින්ම ඉන්නේ. මම ගණිතයටයි මැහුම් කටයුතු වලටයි හරිම දුර්වලයි.මට මනෝමයෙන් වත් ගාන හදාගන්න බෑ ඒ දවස්වල.sportmeet තියන දවස් වල මට ඉගෙන ගන්න හරිම කම්මැලියි.මොකද ඒ දවස්වල පණිවිඩ එනවා නීටට පිට්ටනියට එන්න කියන්න කියලා.ඉතින් මං හරිම ආසාවෙන් තමයි පිට්ටනියට යන්නේ.ඉතින් මට ඇහෙනවා ටීච මට බනිනව නැටිල්ලම තමයි කියලා.

ඒ වගේම මැහුම් වලදී රෙදි කෑල්ලක වාටියක්වත් මහගන්න මට තේරෙන්නේ නෑ.ඉතින් දැලි අල්ලපු රෙදි කෑල්ලක් වගේ මං ඒක කිලුටු වෙනකම්ම පුරුදු වෙනවා.මැහුම් නොතේරෙනකම කොච්චරද කිව්වොත් අදටත් මට රෙදි කෑල්ලක දිග පළල කියන්න තේරෙන්නේ නෑ.මට ගැළපෙන ඇඳුම් මෝස්තර තෝරගන්න මට තේරෙනවා නමුත් රෙදි කෑලි මූට්ටු කරලා මටම කියලා ඇඳුමක් හදාගන්න මට තේරෙන්නේ නෑ.කොච්චර උත්සහ කළත් අදටත් මට ඒක බැහැ.හැබැයි මට හොඳට සූප ශාස්ත්‍රය පුළුවන්.ඒ වගේම මල් වැවිල්ලටත් මං හරිම දක්ෂයි. මම ඉස්සර netball වලට හරිම බයයි.මොකද මට හරියටම ඉලක්කෙ ගන්න බැහැ.මම ගහක ගෙඩියකට ගලකින් ගැහුවොත් ඒ ගල වැටෙන්නෙ මගේ ඔළුව උඩට.ඒ තරම් මගේ ඉලක්ක දුර්වලයි.ඒ වගේම මම දවසක් නෙට්බෝල් ගහන්න ගිහිල්ලා වැටුනා.මම ඉස්කෝලේ යන කාලේ මගේ uniform එක කොටට අදින්න හරිම ආසයි.මට මතකයි ගවුම කොට වැඩි නිසා මම දණ ගහගෙන ඉදලා ගවුම් වාටිය දිගාරින්න සිදුවෙලා තියෙනවා.” සිනා සෙමින් ඇගේ සුන්දර මතක ඇය ආවර්ජනය කළේ ඒ අයුරින්.නීටා ප්‍රනාන්දු කියල කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක්.මෙවන් රංගන ශිල්පිනියන් සැබැවින්ම මේ රටට ආභරණයක්.ඉතින් ඇගේ ඉදිරි අනාගත කටයුතු වලට සුබ පතන ගමන්ම ඇගේ ජීවිත ගමන ද සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.