පළවෙනි පාරට මේ පාර වතුර බැලුම් අල්ලලා දිනන්න පුළුවන් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑතකදි තිබුණ අවුරුදු උත්සවකට මමයි මන්දාරම් කතාවේ මාත් එකක් රඟපාන අශානුයි සහභාගි වුණා. එහිදි අපි ක්‍රීඩාවක් විදිහට වතුර පුරෝපු බැලුන් අල්ලන තරගයට එකතු වුණා. ජීවිතේට මම ක්‍රීඩා කරපු කෙනෙක් නෙමෙයි. අඩුම තරමේ පාසල් කාලේදි වත් ක්‍රීඩාවක් කරලා අත්දැකිමක් මට තිබුණේ නැහැ. ලොකු අභියෝගයක් වුණා මේ තරගයට සහභාගි වෙන්න ඉතින්. කොහොම හරි අශාන්ගේ උපදෙස් එක්ක මම වතුර පුරෝපු බැලුන් එක අල්ලන්න පටන් ගත්තා. පළවෙනි පාරටම අශාන් එවපු බැලුම් බෝලය මට අල්ලගන්න බැරිවුණත් කොහොම හරි ඒක මම ඇදගෙන හිටපු ඇඳුමේ රැදුණා මට අල්ලගන්න ලේසි විදිහට. බලන් හිටිය කට්ටියත් හිනා ඒ වැඩේට. කොහොම හරි අපි අන්තිමට ඒ තරගය දින්නා. පළවෙනි පාරට තමයි අවුරුදු උත්සවයකට ගිහිල්ලා ජන ක්‍රීඩාවකට සම්බන්ධ වෙලා ජයග්‍රහණයක් ලබාගත්තේ. ඉතින් ඒ මතකය මා තුළ තියෙනවා අදටත්.