බබර චක්‍රයක් රතිඤ්ඤා එකක් වගේ පිපිරුණා එකපාරටම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ සිදුවීම වුණේ මිට අවුරුදු දෙකකට කළින් තිබුණ සිංහල අවුරුද්දේ. මගේ ගෙදරදි තමයි මේක වුණේ. මම බඹර චක්‍ර පත්තු කර කර හිටියේ. හැබැයි එක බඹර චක්‍රයක් එක පාරටම පිපිරුවා. නිකම් රතිඤ්ඤයක් වගේ. මම ගොඩක් බය වුණා මොකද, බඹර චක්‍ර ඔහොම පුපුරන්නේ නැති නිසා. කොහොම හරි විනාඩි කිහිපයක් යනතුරු මට හිතාගන්න බැරිවුණා මොකක්ද වුණේ කියලා. ඊට වඩා මට වුණ ලොකුම ප්‍රශ්නේ තමා මගේ ඇස් පෙන්නේ නැතුව ගියා මේ සිදුවීමක් එක්ක එක පාරටම. හැබැයි ටික වෙලාවකින් නැවත ඒ පෙනීම ආවා මට. ඒ සිදුවීම නම් මට අමතක වෙන්නේම නැහැ. අවුරුදු කාලේට මට ඔය වගේ සිද්ධි ගොඩක් සිදුවෙලා තියෙනවා. ඒත්, මේ සිදුවීම නම් කාලයකට මට අමතක වෙන්නේ නැහැ.