මැණිකේ මගේ හිතේ කැලිෆෝනියාවේ වීථියක වැයෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක කතාබහට ලක්වන, හැමෝම පිස්සුවෙන් වගේ ආදරය කරන ගීතයක් තමයි යොහානි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය. මේ ගිතයේ මුල් ගායනය නවක ගායන ශිල්පී සතීෂන්. කෙසේවෙතත් යොහානිගේ cover නිර්මාණය මුල් ගායනයට වඩා අතිශයින්ම ජනප්‍රිය වුණා. ඉන්දියාව තුළත් මේ ගීතය තවමත් ජනප්‍රියයි. ඉන්දියාවේ ජනප්‍රිය තරු රැසක්ම මැණිකේ මගේ හීතේ ගීතය උන්මාදයක් කරගෙන තිබෙනවා.

මේ අතර කැලිෆෝනියාවේ වයලින් වාදක දැරියක් මැණිකේ මගේ හිතේ ගීතය වයලීනයෙන් වාදනය කරන වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරනවා. වයස අවුරුදු දොළහක් වන Karolina Protsenko නම් මේ දැරිය කැලිෆෝනියාවේ වීථියක සිය වයලීනයෙන් මේ ගීතය වාදනය කරන අයුරු වීඩියෝවක් ඇය සිය යූ ටියුබ් නාලිකාවට එක් කොට තිබෙනවා. කෙසේවෙතත් ඇය මෙම ගීතය ඉන්දියානු ගීතයක් ලෙසට හඳුන්වා දී තිබීම නම් කනගාටුවට කාරණයක්.

එම වීඩියෝව පහතින්