සුපුන් පෙරේරා අළුත් ගමනක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපුන් පෙරේරා මෑත කාලයේදී හඳුනාගත් වෙනස්ම හඬක් තිබෙන ගායකයෙක්. සුපුන්ගේ ප්‍රාතිහාරී, මහමායා, රාධාවනී ඇතුළු ඔහු ගැයූ සෑම ගීයක්ම රසිකයන් අතරේ අතිශය ජනප්‍රිය වූවා. මේ දිනවල සුපුන්ගේ අළුත්ම ගීතය වන ‘නාදෙන්’ ගීතයද ජනප්‍රියයි. මේ අතර සුපුන් තමන්ගේ සංගීත ජීවිතයේ තවත් හැරවුමක් ලබාගැනීමට පසුගිය දිනෙක සමත් වූවා. ඒ ඔහුගේම වූ සංගීත කණ්ඩයාමක් ඇරඹීම. මෙම සංගීත කණ්ඩායම JOURNEY නම් වනවා. ඒ පිළිබඳව සුපුන් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

“අලුත් ගමනක ඇරඹුම

The JOURNEY begins today

Journey Music

කාලයක් තිස්සේ තිබුන හීනයක් තමයි මගේම කියලා Band එකක් පටන් ගන්න එක. ලොකු මහන්සියක ප්‍රතිපලයක් විදියට ඒක දැන් හැබෑවක් වෙල තියෙනවා. ලංකාවේ ඉන්න දක්ෂතම තරුණ සංගීතවේදීන් කීපදෙනෙක් එක්ක මට මේ වැඩේ පටන් ගන්න ලැබෙන එක ලොකු භාග්‍යයක්. ඉතින් මෙච්චර කල් මට මගෙ Music වලට ඕගොල්ලො දුන්න Support එක, ආදරේ JOURNEY Band එකටත් ඒ විදියටම දෙයි කියන බලාපොරොත්තුව මට තියෙනවා. වෙනස්ම විදියේ සංගීත අත්දැකීමක් එක්ක අපි අද ඉඳන් ඔයාලගේ හමුවට එනවා. ආදරෙයි.”