අතේ බඳින්න බඳ පටි හොයලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-23-ent-16නුවරඑළිය පැත්තෙ රූපගත කෙරෙන චිත්‍රපටයක ප්‍රධාන නළු චරිතයට ඉන්නෙ තරුණ නළුවෙක්. එක්තරා දර්ශනයක් රූපගත කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කට්ටියට මතක් වෙලා තියෙන්නෙ. කොල්ලගේ මැණික් කටුවෙ රබර් පළඳනාවක් තියන්න ඕනෙ කියලා.

කලා අංශයෙ තරුණ ගැටයෙක්ව ටවුමට යැව්වලු රතු පාට රිස්ට් බෑන්ඩ් එකක් හොයන්න. මිනිහට මොකක් හරි පටලැවිල්ලක්. හැම කඩේකටම ගිහින් අහන්නෙ “වෙස්ට් බෑන්ඩ්” එකක්ලු. ඒ කියන්නේ බඳ පටියක්ලු.

සමහර කඩවල්වල අය මෙයාගෙ කතාවට හිනාවෙනවලු. එතකොට මෙයා අත පෙන්නලත් ඉල්ලනවලු වෙස්ට් බෑන්ඩ් එකක්.

 

DESHAYA