අම්මලා ටාගට් කරන ළමා චිත්‍රපටකාරයෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-01-ent-17අද සිනමා කර්මාන්ත අර්බුද රැසක් තියෙන බව කවුරුත් දන්නවා. ඒත් ඒ අර්බුදයට හේතුකාරක රැසක් තිබෙනවා. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටින ඇතැම් පිරිස් සිදුකරමින් යන කූට ව්‍යාපාරත් මේ අර්බුදයට සෘජුවම බලපා තිබෙනවා.

දැන් ඒ පිරිසගේ අලුත්ම උපාය තමයි ළමා චිත්‍රපට හැදීම. චිත්‍රපට ගැන මෙලෝ හසරක් නොදන්නා මේ අය ළමයි තෝරගන්නේ වැඩමුළු තියලා. ඒ වැඩමුළුවලදී ළමයාගේ දක්ෂතාවයට වඩා විමසා බලන්නේ ළමයාගේ අම්මාගේ දක්ෂතාවය. ඒ අය ඇහැට කනට පේනවා නම්, ඕනෙම දේකම ඔට්ටු නම් ළමයා ගොඩ යනවා. මෙවැනි පහත් ක්‍රියාවන් තුළින් සිනමාව විනාශ කරන අමනයන්ගෙන් අපේ සිනමාව වගේම අපේ දූ දරුවන් හා කාන්තාවන් බේරා ගැනීමට චිත්‍රපට සංස්ථාවට කළ හැකි දේවල් බොහෝ තිබුණත්, ඒ අයගේ අවධානය ඒ දෙස යොමු නොවන්නේ ඇයි?

 

DESHAYA