අයි ලව් යූ ජෝක් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-96ඔන්න පහුගිය පළවැනිදා අලුත් අවුරුද්ද ලබනවාත් එක්කම නානාවිධ සුබපැතුම් විවිධ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

එස්.එම්.එස්. ද, මූණුපොතේ ද, වට්ස්අප්, වයිබර්, මේ හැම එකකින්ම එහෙට මෙහෙට හුවමාරු වුණේ නව වසරේ සුබ පැතුම්. එක්තරා දර්ශන තලයක සිටි තරුණ කලා ශිල්පියෙකුටත් වට්ස්අප් ඔස්සේ ආදරණීය සුබපැතුම් පණිවිඩයක් ඇවිත්.කාලෙක ඉඳන් ඔහු ට්‍රයි කර කර හිටිය කෙල්ල පණිවිඩයක් එවලා නව වසරට සුබ පතලා. පණිවිඩේ යටින්ම තිබුණේ අයි ලව් යූ කියලා.

කොල්ලගෙ සතුට ඉහවහ ගිහින්. සෙට් එකේ හිටපු යාළුවන්ට ෆෝන් එකේ පණිවිඩේ පෙන්න පෙන්න කොල්ලා මාර ත්‍රිල් එකක් ගන්නවා.ඔන්න ෆෝන් එක අතට ගත්තු තව යාළුවෙක් ඇහුවලු, කෙල්ලගෙන් අන්තිමට ආපු පණිවිඩේ කියෙව්වෙ නැද්ද කියලා. ඒකෙ තිබුණෙ It’s a joke කියලා.

 

DESHAYA