අවුරුදු 10 ක් කටු කෑවලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-25-ent-73වෙනත් රටවල්වල වගේ නෙවෙයි, අපේ රටේ කලා නිර්මාණවේදීන් තමයි ඒ නිර්මාණ හදන්න නිෂ්පාදකවරැ හොයාගෙන යන්නෙ.

අනෙක් රටවල්වලනම් නිෂ්පාදකවරයා තමයි නිර්මාණවේදීන් තෝරාගන්නෙ.

මේ හේතුව නිසා සල්ලි යටකරන්න කැමති කෙනෙක් හොයාගන්න පුළුවන් වුණොත් නිර්මාණවේදීන් ගොඩ යනවා.

හැබැයි ඉතින් ඒ නිර්මාණ මිනිස්සු වැළඳගන්නවාද, නැද්ද, පාඩුවෙයිද, ලාබ ලබයිද, වගේ දේවල් එවැනි නිර්මාණවේදීන්ට අදාළ වෙන්නෙ නැහැ.

මොකද, සල්ලි යටකරන්නෙ එයා නෙවෙයිනෙ.

ඔන්න පහුගිය දවසක ඒ වගේ නිර්මාණවේදියෙක් ඔහු ලියූ පිටපතක් චිත්‍රපටයකට නගන්න මුදල් යටකරන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් හම්බවෙන්න ගියාලු. “මේකට මම අවුරුදු 10 ක් විතර මහන්සි වුණා...” පිටපත් රචකයා මුදලාලිට කිව්වලු.

“මොනවා? ඒ තරම් කාලයක් ගියාද මේක ලියන්න..”

“නෑ නෑ.. මේක ලියලා, නිෂ්පාදකවරයෙක් හොයාගන්න මම අවුරුදු 10 ක් විතර මහන්සි වුණා..”

 

DESHAYA