ඉස්සෙල්ලා මැරෙන්න කියන්නකො



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-16-ent-84එයා නවක නිළියක්. මේ රඟපාන්නේ එයාගේ තුන්වැනි ටෙලි නාට්‍යයේ. මේකෙ රඟපාන්නේ ගැමි තරුණියකගේ චරිතයක්. තාත්තාට ඉන්නේ ප්‍රවීණ නළුවෙක්.

දැන් රෑපගත කරන්න යන දර්ශනයේ එයාගෙ තාත්තා මැරිලා ඉන්නවා. මෙයාට තියෙන්නේ අඬන්න.

“හරි දැන් රිහසල් එකක් බලමු. තාත්තා මැරිලා ඉන්නවා දැකලා දුව මහ හයියෙන් අඬන්න ඕනේ.” අධ්‍යක්ෂකවරයා කියනවා.

“කෝ ඔයා අඬන්න නංගි..” අධ්‍යක්ෂකවරයා කියනවා.

“හරි හරි මෙයාට ඉස්සෙල්ලා මැරෙන්න කියන්නකො. මම අඬලා පෙන්නන්නම්.”

ප්‍රවීණ නළුවා දැන් මැරිලා වගේ ඉන්නවා.

“බෑ.. බෑ.. ඔට්ටු නෑ. මෙයා හුස්ම ගන්නවා. අනේ මැරෙන්නකො අයියේ.. එතකොට තමයි මට ඇත්තටම ඇඬෙන්නේ.”

ඇඬිල්ල කෙසේ වෙතත් කට්ටිය හොඳට හිනා වුණාලු.

 

DESHAYA