එහෙනම් ඔයාගෙ නෝනගෙ දුවද අංකල්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-23-ent-17ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක ඉන්නවලු කවුරුත් දන්නා හඳුනන වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. ඔහුගේ නමින්ම ඉන්නවා මාධ්‍යයට සම්බන්ධ දැන්වීම් ආයතනයක ලොක්කෙක්. අර නාළිකාවෙ හොඳ වැඩසටහනක් යන්න බෑ, අර දැන්වීම් ලොක්කට SMS එනවලු පොළිමක් වැඩේ ලස්සනයි කියලා. ඕකෙ අනිත් පැත්තත් වෙනවා.

මේ ළඟදී අර දැන්වීම් ලොක්කගෙ දුව විවාහ වුණාලු. ඒක ආරංචි වුණු හැමෝම අර නාළිකාවේ අධ්‍යක්ෂට සුභ පතලා SMS යවනවලු. එයා නම් තාම තරුණ පාටයි. ඉන්නෙ චූටි ළමයි.

ජනප්‍රිය නවක නිළියක් එයාට හොඳ පණිවිඩයක් යවලා. “ඔයත් බබා වගේ අපට නංගී කියනවා. අපි කට පුරා ඔයාට අයියා කියනවා. බලාගෙන ගියාම ඔයාට අපි වගේ දූලත් ඉන්නවනෙ. ළඟදී බැන්ඳේ ලොකු දුවද, පොඩි දුවද?”

“අනේ ඒ මගේ දුව නෙවෙයි.” කියලා පිළිතුරක් යැව්වලු.

එහෙනම් ඔයාගෙ නෝනගෙ දුවද අංකල්?

 

DESHAYA