කනේ පහර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-20-ent-216කලා ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ නොවුණත් මේ කතාවෙ එන චරිත කලාවට සම්බන්ධ අය වීම විශේෂයි.

ඇය කලා ශිල්පිනියක්. තරමක් මැදිවියට ළංවෙනවා කියලා හිතමුකො. ඇය තරුණයෙක් එක්ක පොඩි හාදකමක් පවත්වනවා. තරුණයෙක් කිව්වට ඔහුත් විවාහක තරුණයෙක්. විවාහවෙලා ඉන්නෙ කලා පවුලකින්.

මේ අනියම් සම්බන්ධය බොහෝ අයට රහසක් නෙවෙයි. තරුණයාගේ බිරියත් ඒ වග දන්නවලු. ඒත් මොකක් හෝ හේතුවක් නිසා විවාහයට තර්ජනයක් නොවී ජීවිතය ඉදිරියට යනවලු. ඔන්න දැන් මේ තරුණයාට රිය අනතුරක් සම්බන්ධව උසාවි යන්න සිදුවෙනවලු.

උසාවියට තරුණයා යන්නෙ ඔහුගේ බිරියත් එක්ක. උසාවිය අසලින් මේ ජෝඩුව ඇවිදගෙන යනකොට ඔවුන්ගේ පිටුපසින් කවුදෝ කෙනෙක් එනවා බිරියට දැනුණලු. ඇය හැරී බැලුවා. තම සැමියාගේ කලා ලොවේ යෙහෙළියලු. බිරිය අඩියක් පස්සට තියලා ඇයට දුන්නෙ එක කනේ පහරක්ලු. ඇය එතැනින් ක්ෂණිකව අතුරුදන් වූ හැටි කාටත් හිතාගන්නට බැරිවුණාලු.

 

DESHAYA