කළුවරේ ජරමරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-12-ent-92බණ්ඩාරගම පැත්තෙ මේ දිනවල රූපගත කෙරෙන ටෙලිනාට්‍යයක් අතරතුර සිදුවූ අපූරු සිදුවීමකුයි දැන් කියන්න යන්නෙ.

මුළු කණ්ඩායම ලොජ්වෙලා ඉන්නෙ විශාල ගෙදරක. රෑට ගේ ඉස්සරහම තියෙන ලයිට් කණුවෙන් හොඳ එළියක් ලැබෙන නිසා කට්ටිය ගොඩක් වෙලාවට කාමරවල ලයිට් නිවලයි රෑට නින්දට යන්නෙ.

ඒත් එක්තරා ප්‍රවීණ ශිල්පිනියක් නිදාගන්න කාමරේ ලයිට් නිවන්නෙ නැහැ. ඒකෙ ස්විච් එක තියෙන්නෙ ඒ කාමරේ එළියෙන්ලු.

ඔන්න දවසක් මේ ප්‍රවීණ ශිල්පිනිය පාන්දර නින්දෙන් නැඟිටලා බැලින්නම් කාමරේ කට්ට කරුවලයිලු. එයා දොර ඇරගෙන අඳුරෙම බිත්ති අතපතගාගෙන සහාය අධ්‍යක්ෂකගේ කාමරේ දොරට දඩිබිඩිගාගෙන ගහනවලු. ඔහුත් කලබලෙන් දොර ඇරියා. “අනේ මල්ලි, ලයිට් ගිහිල්ලා. මට ටෝච් එකක් දෙන්න වොෂ්රූම් යන්න..”

AD මල්ලි ටෝච් එකක් ඉක්මනින්ම හොයලා දුන්නා. ශිල්පිනිය ආයෙත් ටෝච් එක ආපහු ගෙනත් දුන්නා සහාය අධ්‍යක්ෂට. ඔන්න එවෙල තමයි ඔහු දැක්කෙ කාමරේ ෆෑන් එක වැඩකරන විත්තිය.

ඔහු ස්විච් ටික දැම්මා. ලයිට් සේරම වැඩ.

බැලින්නම් කවුදෝ කෙනෙක් වැරදිලා අර ප්‍රවීණ ශිල්පිනියගේ කාමරේ ලයිට් එක ඕෆ් කරලා.

 

DESHAYA