කූඩැල්ලො කනවෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-14-ent-152හපුතලේ පැත්තෙ සති දෙක තුනක් චිත්‍රපටයක් රූපගත වෙමින් තිබුණා. ඒ අවට එළිමහනේ දර්ශන රාශියකුත් රූපගත කරන්න සිදුවුණා.

ඔන්න දවසක් ෂූටින් තිබුණෙ දියඇල්ලක් කිට්ටුව. ෂූටින්නම් තිබුණෙ කොල්ලටයි කෙල්ලටයි විතරයි. ඒත් ඒ කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ශිල්පියෙකුත් දර්ශන තලයට ගියාලු නිෂ්පාදක කණ්ඩායමත් එක්ක.ෂූටින් අතරතුර මේ රංගන ශිල්පියා අවට සිරි නරඹමින් එහෙ මෙහෙ ඇවිදගෙන ඉඳලා එකපාරටම කෑමොර දෙන්න පටන් ගත්තලු.

රිංගුවා... රිංගුවා.. කූඩැල්ලො කනවෝ..

සෙට් එකේ කොල්ලො දෙතුන් දෙනෙක් මෙයා ළඟට දුවගෙන එනකොටත් මෙයා කලිසම බාගෙට ගලවලා.ඔන්න එකපාරටම මෙයා කෑගහනවලු එයාට ළඟට එන්න එපා කියන්න. එයාව නවත්තන්න, කියලා.බැලින්නම් මේ කලබලේ මොකක්ද කියලා බලන්න අර තරුණ නිළියත් සිද්ධිය වුණු තැනට එනවා මේ ශිල්පියා දැකලා.

 

DESHAYA