කෙල්ලයි නැන්දම්මයි අරන් පැනලා ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-30-ent-17දර්ශන තලයේ අපූරැ කතා කියන ප්‍රවීණ කලා ශිල්පියා, පහුගිය දවසකත් ඔහුගේ අසල්වැසි නිවසක සිදුවූ අපූරැ කතාවක් කිව්වලු.

මේ නළුවා යන එන හැමතැනකම කතා හදන්නට අමුද්‍රව්‍ය හොයන නිසා, ඔහුගේ ඇන්ටෙනාවට රසවත් කතා අහුවෙනවා.

ඔහුගේ අසල්වැසි නිවසක තරැණයෙකු කෙල්ලක් එක්ක කාලයක් ඉඳන් පෙම් පැටලැවිල්ලක් තියෙනවලු.

කෙල්ලගෙ පැත්තෙන් විරැද්ධතාවය වැඩිවෙනවත් එක්කම කොල්ලා තීරණය කළාලු, කෙල්ලවත් අරන් පැනලා යන්න. එහෙ මෙහෙ යන්නෙ නැතුව කෙල්ලව තමන්ගෙ ගෙදරට ගෙනල්ලා අම්මට කතාව කිව්වලු.

“එහෙනම් මක්කරන්නද? උඹලා අදම ගිහින් කසාද බැඳලා දෙන්නම අර කොණේම කාමරේ දැනට පදිංචි වෙයල්ලකො,” කොල්ලගෙ අම්මා කියලා. “අම්මෙ දෙන්නෙක් නෙවෙයි, තුන්දෙනෙක්.”

“මොකා? උඹ කෙල්ලො දෙන්නෙක් එක්ක ආවද?”

“නෑ අම්මෙ මෙයාගෙ තාත්තා හරිම වසයි. මෙයා මාත් එක්ක ආපු බව දැනගත්තම අම්මව මරන්න හදයි. ඒ බයට එයාගෙ අම්මත් අපිත් එක්කම ආවා. මේවා බේරැමක් වෙනකම් එයාගෙ අම්මත් මෙහෙ හිටපුදෙන්කො.”

 

DESHAYA