කේක් කෑල්ලක් ගන්න බබා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-25-ent-72කලා ක්ෂේත්‍රයේ 70, 80 දශකයට අයිති එක්තරා කලා ශිල්පිනියක් කලාවෙන් ඈත්වෙලා දැන් දශක කිහිපයක් වෙනවා. සහෝදර ශිල්පීන් හමුවෙන්නෙත් ඉතාම කලාතුරකින්.

ඔන්න ළඟදී දවසක පැරුණි මිතුරියක් කොහොමහරි මෙයාගෙ දුරකතන අංකය හොයාගෙන එයාගෙ උපන් දින උත්සවයට ආරාධනා කරලා.

මේ පැරුණි ශිල්පිනියත් ඇගේ මහත්තයත් එක්ක පාටියට ගියාලු. උපන් දිනය සමරන මිතුරියට තමන්ගෙ පැරුණි යෙහෙළිය සහභාගිවුණු එකට මාර සතුටුයිනෙ.

“අනේ කේක් කෑල්ලක් ගන්නකො බබා” කියමින් ඇය ශිල්පිනියගේ සැමියාට ට්‍රේ එක අල්ලනවලු. ආයෙත් තව බන්දේසියක් අරගෙන ඇවිත්, “ගන්නකො බබා” කියනවලු.

ශිල්පිනිය අන්දුන් කුන්දුන් වෙලාලු. “ඔයා මගේ යාළුවා දන්නවද? මොකද මේ ඔයාට බබා බබා කියන්නෙ,” ඇය සැමියාගෙන් අහනවලු.

පස්සෙ තමයි වැඩේ තේරිලා තියෙන්නෙ. ඇගේ සැමියා තරුණ පාටයිලු. වයස පේන්නෙත් නැහැ. යාළුවා හිතලා තියෙන්නෙ මේ එයාගෙ පුතා කියලලු.”

 

DESHAYA