ගාල්ලෙන් ජයන්තද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-06-ent-35මේක කලාවට සම්බන්ධ අපේ ප්‍රවීණ මාධ්‍යවේදියකුට පසුගිය දවසක මූණ දෙන්න වුණු ඇබැද්දියක්. දවසක් ටිකක් රූ බෝවෙලා මෙයා ජනප්‍රිය නළුවෙකුට කෝල් එකක් ගත්තලු.

“මම ජයන්ත ගාල්ලගේ..”

“මොකෑ - ගාල්ලගේ ජයන්ත”

“මම ජයන්ත.... ජයන්ත...”

“ගාල්ලෙන්ද?”

ඔහුට ඇහුණේ නුහුරු කඩහඬක්.

“මම මෙහෙ සේවකයෙක්. සර් බාත්රෑම් එකේ. ගාල්ලෙන් ජයන්ත කිව්වා නේද?”

“මම සර්ට පැමිණිලි කරනවා හරිද? කන ඇහෙන්නෙ නැද්ද? මම ජයන්ත ගාල්ලගේ”

තව ටිකකින් ඔහු අර නළුවට ආයෙත් කෝල් එකක් ගත්තා.

“කවුද පොරක් කලින් කතා කරලා ඇහුවනෙ මම ගාල්ලෙන් ජයන්තද කියලා. අපි කවුද කියලා එයාට කියලා තියන්න.”

“අනේ සොරි... මෙහෙ වැඩට ළඟදි ආවේ. මම ඒ ගැන බලලා ඇක්ෂන් එකක් ගන්නම්.”

ජයන්තට අර සේවකයගෙන් මිනිත්තු පහක් ඇතුළත කෝල් එකක් ආවලු.

“අනේ ජයන්ත සර්. මා ගැන සර්ට කිව්වද? මාව රස්සාවෙන් අස් කරන්න යනවා. මම අහිංසක දරු පවුල්කාරයෙක් සර්..”

“හරි හරි මම සර්ට දැන් කතා කරන්නම්කෝ..”

“අනේ රන්ජන් එහෙම කරන්න එපා. මිනිහව අස් කරන්න එපා. පොඩි වෝනින් එකක් දෙන්නකො.”

“පිස්සුද අස් කරන්න මිනිහෙක් නෑ. මමනෙ කඩහඬ වෙනස් කරලා එහෙම කතා කළේ..”

 

DESHAYA