ඩ්‍රින්ක් එක නම් මරු අයියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-16-ent-83කොළඹ ප්‍රධාන පෙළේ සිනමා හලක චිත්‍රපටයක මංගල දර්ශනයක්. එක්තරා තරුණ නළුවෙක් උත්සවේට ආවෙ එයාගේ බිරිඳත් එක්ක. බිරිඳ ආසනයේ රඳවලා කොල්ලා එළියට ආවලු වැඩේ පටන් ගන්න තව වෙලා තිබුණ නිසා.

ඒත්එක්කම උත්සවේට ආවලු තවත් සහෝදර නිළියක්.

“අනේ නංගි උඹත් ආවද?”

“ඇයි අයියෙ එන්න එපාද? ආපහු යන්නද?” ඒ දඟකාර නිළිය ඇහුවලු.

“අනේ නංගි වඳින්නම්. මම ආවෙ මගේ නෝනත් එක්ක. එයා ඇතුළේ. උඹ ඉතින් එයාට පේන්න මාව බදාගෙන ඉඹලා එහෙම අපිට පවුල් ප්‍රශ්න ඇතිකරන්න එපා බං. ප්ලීස්...”

“පිස්සුද අයියේ..?”

ඔන්න දැන් චිත්‍රපටය පෙන්නන්න ළංවුණ නිසා කට්ටියම ඇතුළට ගිහින් වාඩි වුණාලු. අර දඟකාර නිළිය හිටියෙ මේ නළුවට ඉස්සරහා පේළියේලු. එයා බීම බෝතලයක් බිබී හිටියේ. එක පාරටම නළුවා දිහාට හැරිලා ඇහුවලු “අයියෙ ඔයා අරන් දීපු ඩ්‍රින්ක් එකනම් මරු ආ! වයිෆ්ට අරන් දුන්නේ නැද්ද?” කියලා....

 

DESHAYA