නින්දත් ගිහින් කොණ්ඩෙත් ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-26-ent-37ඔන්න ටෙලිනාට්‍යයක රඟපාන ශිල්පියෙක් සෙට් එකට උදේ පාන්දර ආවා විතරයි, ඩිරෙක්ටර්ට මළ පැනලලු.”

“අයිසෙ කෝ තමුසෙගෙ කොණ්ඩෙ? තමුසෙ හමුදාවට බැඳෙන්න යනවද මේ වගේ කොටට කොණ්ඩෙ කපලා. දැන් මේ කරන චරිතෙ ඔයාට හොඳට කොණ්ඩෙ තිබුණනෙ. දැන් කොහොමද මෙතනින් පස්සෙ ඔයා කොට කොණ්ඩයක් එක්ක මේ රෝල් එක කරන්නෙ? මේකෙ කන්ටිනියුටි ප්‍රශ්නයක් වෙනවා කියලා ඔයාට නිකමටවත් හිතුණෙ නැද්ද? දැන් ඔයාගෙ කොණ්ඩෙ වැවෙනකම් අපි උඩ බලාගෙන ඉන්න ඕනෙද?” ඩිරෙක්ටර් පුපුරනවලු.

“අනේ නැහැ මහත්තයො මට සමාවෙන්න. මේකයි සිද්ධ වුණේ. ඊයෙ රෑ මම කොණ්ඩෙ කපන්න සැලොන් එකට ගියා යාන්තම් වටේ කොට කරගන්න. කපන මල්ලිට කිව්වා වෙනදා කපන විදිහට කපන්න කියලා. කරුමෙට මට නින්ද ගියානෙ. ඒ මල්ලිත් කොණ්ඩෙ හොඳටම කොටවෙන්න කපලා තමයි මාව ඇහැරවලා ඇහැව්වෙ කැපුවා ඇතිද කියලා,” අර නළුවා අහිංසක විදිහට කිව්වලු.

 

DESHAYA