නිහතමානීත්වයේ සංකේතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-20-ent-215ශ්‍රී ලාංකික සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ සිනමා රංගන දිවියේ 50 වැනි වසර සනිටුහන් කිරීම සඳහා කොළඹදී විශේෂ අභිනන්දන උපහාර උළෙලක් පැවැත්වුණා. ඒ හා සමගාමීව උත්සව මාලාවක් පැවැත්වුණා.

වසර 50ක කාල පරාසයක් පුරා සිනමා නිළියක ලෙස හිණිපෙත්තේ රුඳීසිටීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

වසර 50ක් පුරා එක සේ ජනප්‍රිය වූ සිනමා නිළියක ගැන අප අසා නැත. ලෝකයේ කිසිම තැනක එවැන්නක් වාර්තා වී නැත. ඉන්දියානු බොලිවුඩ් සිනමාවේවත් එවැනි කලා ශිල්පිනියක සොයාගත නොහැක.

එවන් අභිමානවත් මං සලකුණක් පසුකළ මාලිනී ෆොන්සේකා ගැන බොහෝ දේ ලියැවී ඇත. ඒත් ඒ ලියවුණු සෑම දේකටත් වඩා ඇය සතු නිහතමානීත්වය සමකළ නොහැක. අප රටේ සිනමා නිළියන්ට මාලිනී ෆොන්සේකා ඉතා හොඳ ආදර්ශයකි.

නොබෝදා පැවති එක්තරා උත්සවයකදී පවා මාලිනී ඇගේ ළමා කාලය, පාසල් කාලය හා යොවුන් විය සිහිපත් කළේ නිර්ව්‍යාජවය.

ඇගේ මුල්ම චිත්‍රපටය ‘පුංචි බබා’ සඳහා ඇයට එදා ලැබුණු රුපියල් 1,250/-ක අත්තිකාරම් මුදලින් තමයි ඇය මුල්වරට අත්ඔරලෝසුවක් මිලදී ගෙන තිබෙන්නෙ. ඔරලෝසුව අරගෙන සතියක් යන්න කලින් ඇගේ පින්තූර ගන්න පත්තරේකින් ගෙදර ආවලු.

‘ඒ හැම පින්තූරෙකම මට ඕනවෙලා තිබුණා මගේ අලුත්ම ඔරලෝසුව පෙන්නන්න. ඒ නිසා හැම ෆොටෝ එකකම ඔරලෝසුව බැඳපු අත උස්සගෙන කැමරාවට පෙන්නගෙන හිටියෙ,’ කියා ඇය පැවසුවේ කුඩා දරුවෙකු මෙන් අහිංසකවය.

ඇය සැබවින්ම නිහතමානීත්වයේ සංකේතයයි. මේ කෙටි සටහන ඒ නිමිත්තෙනි.

 

DESHAYA